ප්‍රමුඛ පුවත 1

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ සිව් දෙනෙකුට මරණ දඬුවම්

(UTV| කොළඹ) – මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ විත්තිකරුවන් 04 දෙනෙකුට මරණ දඬුවම නියම කරයි.

අද කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

2008 වසරේ දෙසැම්බර් 30 වන දා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 05 දෙනෙකුට එරෙහිව නීතිපතිවයා විසින් අධිචෝදනා ගොනු කර තිබිණි.

මෙහිදී එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා, සෙසු විත්තිකරුවන් 04 දෙනා චෝදනාවන්ට වරදකරුවන් බව නිගමනය කරමින් ඔවුන්ට මරණ දඬුවම නියම කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි අවස්තාවකදී දැනුම් දෙන්න – ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජනතාවගෙන් ඉල්ලයි

Mohamed Dilsad

අයි.එස්.අයි.එස් මෙහෙයුම ගැන රනිල්ගෙන් ට්‍රම්ප්ට සුභ පැතුම් [VIDEO]

Mohamed Dilsad

ජපානයට ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

Leave a Comment