ප්‍රමුඛ පුවත 1

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද .

(UTV| කොළඹ) – විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (06) කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ මෙම රැස්වීමේදී පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විවාදයට ලබාදී තිබු කාල සිමාව දීර්ඝ කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

තවද ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිතව බව කථානායක කාර්යාලය පවසයි.

මීට අමතරව පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන නව ආරක්ෂිත වැඩපිළිවෙල සම්බන්ධයෙන් පක්ෂ නායකයින් දැනුවත් කිරීමට නියමිත බවයි.

මේ අතර ආරක්ෂක හේතුන් මත වසා දමා ඇති පාර්ලිමේන්තු ගැලරිය හෙට දිනයේ සිට විවෘත කිරීම සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අඩුම මිලට පානීය ජල පහසුකම් ලබා දීමට පියවර

Mohamed Dilsad

පැවිදි හඬ සත්‍යග්‍රහයකට සුදානම් වෙයි

Mohamed Dilsad

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

Mohamed Dilsad

Leave a Comment