ප්‍රමුඛ පුවත 1

රට තුල අසමඟිය පතුරවන ලිපි 600ක් සමඟ තිදෙනා CIDය භාරයට

(UTV| කොළඹ) – ජාතීන් අතර අසමගිය ඇතිවන වචන ඇතුළත් ලිපි 600 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබේ.

මෙම ලිපි වල ජනාධිපතිවරයා අපකීර්තියට පත්වන අයුරින් සහ රාජ්‍ය විරෝධී අදහස් ද ඇති බව වාර්තාවේ.

ඊයේ(02) පස්වරුවේ ඔවුන් මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ අදාළ ලිපි තොගය තැපැල් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා සැකකරුවන් ඊයේ රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මාධ්‍ය ඒකකයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අම්බලන්තොට කළුකොඩි ඔසවමින් හර්තාල් ව්‍යාපාරයක්

Mohamed Dilsad

කංජිපානිව ලබන 9 වනදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Mohamed Dilsad

බස් ගාස්තුත් ලබන සතියේ සිට වැඩිවෙයි

Mohamed Dilsad

Leave a Comment