ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ වාර්තාවේ අඩංගු කරුණු ජනපති, නීතිපතිවරයා සමග සාකච්ඡාවට සුදානම්

(UTV| කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විශේෂ පර්යේෂණ මණ්ඩලයේ වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන්ට අද (02) නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිතය.

එම වාර්තාව ඊයේ (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබාදුන්නේය.

ඊයේ  පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ

අපේ‍්‍රල් 21 වනදා ඛේදවාචකය හමුවේ සියලූ ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බවයි.

එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීම නොව සිදුවිය යුත්තේ ජාතියක් ලෙස එදින සියලූදෙනා මුහුණදුන් ඛේදවාචකයේ අනුවේදනීය මතක සටහන් සමඟ ත‍්‍රස්තවාදය විනාශ කර රටේ සාමය ස්ථාපිත කිරීමට අධිෂ්ඨානයෙන්, ආත්ම ශක්තියෙන් සහ සාමුහිකව සියලු දෙනා එකම කොඩියක් යටතේ අත්වැල් බැඳගැනීම බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමැති අකිලට එරෙහි පැමිණිල්ල විමර්ශනය කිරීමට සුදානම්

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

උත්සව සමයේ සහන මිලට සහල්

Mohamed Dilsad

Leave a Comment