ප්‍රමුඛ පුවත 1

ඇදිරි නීතිය අතරතුර ධාවනය වූ දුම්රියකට ගල් ප්‍රහාරයක්

(UTV|ගාල්ල) – ඊයේ රාත්‍රියේ ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙමින් තිබූ දුම්රියකට ගල් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

එහිදී එම දුම්රියෙහි රියැදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

මෙම දුම්රිය ඊයේ(23) ඇඳිරිනීතිය පවතින අතරතුර රාත්‍රී 10.30ට පමණ ධාවනය වී ඇති අතර බෙලිඅත්ත උණන ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

මේ හේතුවෙන් රියැදුරුගේ ඇසකට තුවාල සිදුව ඇත.

රියැදුරුට තුවාල සිදුවුවද රියැදුරු සහයකගේ උදව්වෙන් දුම්රිය නොනවත්වා බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට සමත්ව ඇත.

පසුව බෙලිඅත්තේදී තුවාලකරු 1990 ගිලන් රථ සේවාවෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට දුම්රිය ස්ථානයේ කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබේ.

ගල් ප්‍රහාරය හේතුවෙන් දුම්රිය එන්ජිමෙහි වම්පස ඉදිරියේ වීදුරුවට හානි සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහ මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත්වේ [GAZETTE]

Mohamed Dilsad

පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු සහ මුරකරු තනතුරු නම් සංශෝධනයට [video]

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද CID හමුවට

Mohamed Dilsad

Leave a Comment