ප්‍රමුඛ පුවත 1

ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය හෙට කළුතරදී

(UTV| කොළඹ) – ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උත්සවය සංවිධානය කර ඇත. අප්‍රේල් 17 දින එනම් හෙට දින පෙරවරු 7.40 ට හිසතෙල්ගැමේ උත්සවය පැවැත්වෙයි.

විහාරාධිපති කළුතර රත්නපුර දෙපලාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්සජී හිමියන් විසින් ආගමික වතාවත් සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2017 පාසල් විභාග කාලසටහන මෙන්න

Mohamed Dilsad

දුම්රිය කිහිපයක් අවලංගුයි

Mohamed Dilsad

යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද

Mohamed Dilsad

Leave a Comment