ප්‍රමුඛ පුවත 1

හදිසි ආපදාවන් සඳහා රුපියල් මිලියන 350ක උපකරණ බෙදා දෙයි

(UTV| කොළඹ) – හදිසි ආපදා තත්ත්වයන් හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා රුපියල් මිලියන 350ක් වටිනා රබර් බෝට්ටු ඇතුළු භාණ්ඩ කිහිපයක් යුධ,ගුවන්, නාවික හමුදා සහ පොලීසිය වෙත බෙදා දීම  ඊයේ (10) රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ ,කොළඹ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති උත්සවයේදී.

මෙම භාණ්ඩ අතර ජීවිතාරක්ෂක කබා, දියේ ගිලෙන අය බේරා ගැනීම සඳහා වන කඹ, ශබ්ද වාහිනී උපකරණ ඇතුලත් වේ.

මෙම උපකරණ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි බෙදා දෙන අතර ඒ සඳහා 2019 අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇත.

මිට අමතරව නිවැරදි කාළගුණ අනාවැකි ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි ජපානයේ ජයිකා (JICA) ආයතනයේ ආධාර ඇතිව කාළගුණ දෙපාර්තමේන්තුවට නවීන උපකරණ ලබා දීමට පියවර ගන්නා බවද ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවුරුදු සමයේ රතිඤ්ඤා භාවිතයේදී සැලකිලිමත් වන්නැයි උපදෙස්

Mohamed Dilsad

A9 රිය අනතුරක්.6ක් රෝහලේ

Mohamed Dilsad

රටට ගැලපෙන විදේශ වෙළඳ බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ජාතික ආර්ථික සභාව පෙන්වා දෙයි

Mohamed Dilsad

Leave a Comment