ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමට ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ අත්වැල් බැඳ ගනී

(UTV| කොළඹ) –  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, නව සහයෝගීතා වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීමට එකඟත්වය පළ කරයි.

ඒ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීම සඳහාය.

මෙම එකඟතාවය පල කර ඇත්තේ දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර අද පැවති සාකච්ඡාවේදීය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ ලාපීය ආරක්ෂාව වෙනුවෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මැඩලීමේදී පුළුල් අවබෝධයකින් කටයුතු කිරීමට එහිදී එකඟ වූ බවයි.

එමෙන්ම ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදා සඳහා ඉන්දීය රජය ලබාදෙන පුහුණු අවස්ථා පිළිබදව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා වෙත සිය ස්තූතිය පළ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුරුකන්ඩි දුම්රිය අනතුරින් තුවාල ලබා සිටි තවත් සෙබළෙකු මරුට

Mohamed Dilsad

රනිල් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සුදානමින් [VIDEO]

Mohamed Dilsad

පයාගල මුහුදේ ගිලී 11 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment