ප්‍රමුඛ පුවත 1

මුරුකන්ඩි දුම්රිය අනතුරින් තුවාල ලබා සිටි තවත් සෙබළෙකු මරුට

(UTV| කොළඹ) – කිලිනොච්චිය සහ මුරුකන්ඩි දුම්රිය ස්ථාන අතර 55 හන්දිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලබා සිටි තවත් හමුදා සාමාජිකයෙකු මිය ගොස් තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි හමුදා සෙබළෙකු ඊයේ රාත්‍රියේ එලෙස මිය ගොස් ඇති බව ය.

අනතුරින් තුවාල ලැබූ තවත් හමුදා සාමාජිකයෙකු තවදුරටත් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

ඊයේ පස්වරු 1.45ට පමණ කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය කළ යාල් දේවි දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු විය.

අනතුරට ලක්වන අවස්ථාවේ ට්‍රක් රථයේ සිටි හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 7ක් වන අතර ඔවුන් ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජූනි මාසයේ උද්ධමනය 3.8% කින් පහතට

Mohamed Dilsad

ත්‍රිකුණාමල මණ්ඩප දින නියමයක් නොමැතිව වසා දැමේ

Mohamed Dilsad

තමා දෙදණ නවන්නේ තෙරුවන්ට පමණයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment