ප්‍රමුඛ පුවත 1

වෙලේ සුදාගේ අභියාචනය අද ප්‍රතික්ෂේප කරයි…..

(UTV| කොළඹ) – මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කිරිමට අද (05) අභියාචනාධිකරණය තීරණය කළේය.

දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්හ.

2008 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබාගෙන මේ චෝදනාවට වරදකරු කෙරෙන වෙලේ සුදා නමැත්තාට කොළඹ මහාධිකරණය මඟින් 2015 වසරේදී මරණීය දණ්ඩනය පැනවුයේය.

මහාධිකරණය මඟින් තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සිරිපා වන්දනා සමය ඇරඹේ

Mohamed Dilsad

නව රජයේ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

විදේශ භාෂා ඉගැන්වීමට උපාධි ගුරුවරුන් ගැනීම සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment