ප්‍රමුඛ පුවත 1

නව රජයේ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – ඉදිරි මාස 04 සඳහා නව රජයේ අතුරු සම්මත ගිණුම අද(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊයේ(20) ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි විය.

ලබන වසරේ පළමු මාස 04 සදහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියන 970ක් ණය සේවාකරණය හෙවත් පොලී සහ වාරික ගෙවීම වෙනුවෙන් වෙන් කර තිබේ.

මීට අමතරව ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවයේ වැටුප් සහ පඩි ගෙවීම , පොහොර සහනාධාරය, සමෘද්ධි සහනාධාරය , පාසල් නිළ ඇඳුම් ලබාදීම ඇතුළු සුබසාධන කටයුතු සඳහා මුදල් වෙන් කර තිබේ.

එම අතුරු සම්මත ගිණුම මගින් පුනරාවර්තන වියදම් සඳහා රුපියල්බිලියන 480ක් ද, ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 310ක් ද වෙන් කර ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

2019 වසර සඳහා වන සම්පූර්ණ අයවැය ලේඛනයක් ජනවාරි මාසයේදී ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආචාර්ය ආරියදාස පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දෙවන අදියර අද

Mohamed Dilsad

යාපනය චාවකච්චේරි නගර සභාවට පොහොට්ටුව ඇප මුදල් බදී

Mohamed Dilsad

Leave a Comment