ප්‍රමුඛ පුවත 1

පිදුරංගල අඩනිරුවත් ඡායාරූප ගත් තුන්දෙනා ලබන මස 3 දක්වා රිමාන්ඩ්

UTV | COLOMBO – ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් තුන්දෙනා ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අද දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචි මොවුන් පොලීසිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ අසභ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සහ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක ආගමික හැඟීම් රිදවන ලෙස හෝ ප්‍රකෝපකරවන සුළු සිදුවීමකට ඉඩ ඇති යම් ක්‍රියාවක් කිරීම යන චෝදනා මතයි.

Related posts

තියුණු ආයුධ පහර දීමකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

මෙරට පිරිසකගේ වත්පොහොසත්කම් නැති බැරි පිරිස අතර ද බෙදී යා යුතු බව ජනපති පවසයි

Mohamed Dilsad

උත්තර දේවි ගමනට ජනපතිත් එක්වෙයි..

Mohamed Dilsad

Leave a Comment