ප්‍රමුඛ පුවත 1

නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

(UTV| කොළඹ) –  නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ මරදමුනේයි, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (04) නින්දවූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීය.

මෙම දුම්වැටි තොගය ‍අ‍ලෙවි කිරීම සඳහා සුදානම් කර තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා නින්දවූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක් වන අයෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල පුද්ගලයා සහ නීති විරෝධී දුම්වැටි තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු මරදමුනේයි, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරුංගල් යවමින් සිටි ළමයෙකු වගා ළිඳකට වැටී මරුට

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය යළි විවෘත කෙරේ (update).

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව 19 වැනිදා

Mohamed Dilsad

Leave a Comment