ප්‍රමුඛ පුවත 1

සිරිපා වන්දනා සමය ඇරඹේ

(UTV| කොළඹ) – මෙවර සිරිපා වන්දනා වාරය අදින් ආරම්භ වේ.

පසුගියදා පැල්මඩුල්ල – ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ සුභ නැකතකින් වැඩම්මවා ජනතාවට වැද පුදා ගැනීමට අවස්ථාව සලස්වන ලදී.

ඊයේ(21) අලූයම සිට සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ රැගත් පෙරහර මාර්ග 2 ක් ඔස්සේ ශ්‍රී පාද පද්මය වෙත වැඩම කෙරුණි.

පසුව නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩමලූව දක්වා යුද හමුදා නිලධාරින්ගේ සහය ඇතිව විශේෂ රන්සිවි ගෙයක, සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ තැන්පත් කර ශ්‍රී පාද උඩමළුව වෙත වැඩම කරන ලදී.

ඒ අනුව අද දිනයේදී ශ්‍රී පාද පද්මය සුවද පැණින් දෝවනය කර සදාතුක කරඩුව තැන්පත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද මුදාහරි.

Mohamed Dilsad

කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

මට්ටක්කුලියේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment