ප්‍රමුඛ පුවත 1

විදේශ භාෂා ඉගැන්වීමට උපාධි ගුරුවරුන් ගැනීම සඳහා කැබිනට් අනුමැතිය

 

(UTV | කොළඹ) – රජයේ පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයේ සඳහන් වන ආකාරයට ගුරුවරුන් 729 දෙනෙකු බඳවා ගැනීමට නියමිත අතර, ඔවුන් දැනට විදේශ භාෂා ඉගැන්වීම් සිදුකරන ජාතික පාසල්වල හා ඉදිරියේදී විදේශ භාෂා ඉගැන්වීම සඳහා යෝජිත ජාතික පාසල්වල 10 සහ 11 ශ්‍රේණි සහ උසස් පෙළ ශ්‍රේණි සඳහා යෙදවීමට නියමිත වේ.

ප්‍රථම අවස්ථාවට පාසල් විෂය මාලා තුළ ප්‍රංශ, ජර්මන්, හින්දි, ජපන්, අරාබි සහ කොරියානු භාෂා ඉගැන්වීම සඳහා මෙලෙස විෂය පදනමින් උපාධිධාරි ගුරුවරුන් බඳවා ගනු ලබන්නේ වීම විශේෂත්වයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරානයේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

යළි වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

අමාත්‍යාංශ දහයක් සඳහා නව ලේකම්වරු

Mohamed Dilsad

Leave a Comment