ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයින් 18ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහු‍දේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහඅටදෙනෙකු (18)  නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ  අනුව පේදුරුතුඩුව ප්‍රදිපාගාරයට වයඹ දෙසින් නාවික සැතපුම් 16 පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දීය.

නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුර ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔවුන්ට අයත් ධීවර යාත්‍රා (Dhow) 03 ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා යාපනය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සහ අගමැතිගෙන් නබිතුමන්ගේ ජන්ම දිනයට සුබ පැතුම්

Mohamed Dilsad

2020 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීමට අදාළ චක්‍රලේඛය අද එයි

Mohamed Dilsad

ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment