දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති සහ අගමැතිගෙන් නබිතුමන්ගේ ජන්ම දිනයට සුබ පැතුම්

(UTV| කොළඹ) – ඉස්ලාම් බැතිමතුන් මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය සමරන මිලාදුන් නබි උත්සවය අදට (10) යෙදී තිබේ.

මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර ඇත.

නබි නායකතුමාගේ ඉගැන්වීමට අනුව කිසිදු පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට වඩා ජාතිය, කුලය, වර්ණය අනුව උසස් වන්නේ හෝ පහත් වන්නේ ද නොමැති බව ජනාධිපතිවරයා එහි දක්වා තිබේ.

මේ අතර මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර ඇත.

අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නබි නායකතුමන්ගේ ජන්ම දිනය සමරන මේ මොහොතේ එතුමන්ගේ වටිනාකම අනුව යමින් අන්තවාදයන් පරදවා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඉස්ලාම් බැතිමතුන් දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලි විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් නිවෙස් බලා යයි

Mohamed Dilsad

Leave a Comment