දේශීය

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී තිබේ.

 

ශ්‍රී ලංකා දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ මීරිගම සහ අලව්ව අතරදී මෙම ගස දුම්රිය මාර්ගයක කඩාවැටී ඇති බවය.

 

වැඩිදුරටත් වාර්තා වුණේ අද (28) පස්වරු 2.35ට පමණ අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම ගස කඩාවැටී ඇති අතර ඉන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම අවහිරවී ඇති බවය.

 

ඒ අනුව කොළඹ කොටුව සිට ධාවනය වන දුම්රිය මීරිගම දුම්රිය ස්ථානයෙන් සහ නුවර, බදුල්ල, අනුරාධපුර වැනි ප්‍රදේශවල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී ප්‍රමාද වන බව සඳහන් ය.

Related posts

රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්

Mohamed Dilsad

යාපනය, මහනුවර සහ රත්නපුර එන්නත්කරණය අද ඇරඹේ

Mohamed Dilsad

ෂාෆ්ටර් මියයන විට ඇඳ සිටි ඇඳුම් ගැන අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment