ප්‍රමුඛ පුවත 1

LTTE වළ දමා තිබු රත්තරන් තොගය සොයා පොලීසිය කැණීම් කටයුතු ආරම්භයි…

(UTV| කොළඹ) – එල්.ටී.ටී.ඊ.සංවිධානය සතුව තිබූ විශාල රත්තරන් තොගයක් වළලා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත මුලතිව් පොලීසිය  මුලතිව් මුත්තයන්කට්ටු ප්‍රදේශයේ කැණීම් කටයුතු ආරම්භ කොට තිබේ.

පොලීසියට තොරතුරු ලබා දුන් එඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයා පවසා ඇත්තේ අවසන් යුද සමයේදී මෙම ස්ථානයේ රුපියල් කෝටියකට අධික වටිනා රත්තරන් තොග වළ දමා තිබෙන අතර එකල ඔවුන්ගේ ඊලාම් බැංකුවක් මේ ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබෙන බවයි.

මේ වන විට එම ප්‍රදේශය මුලතිව් සමුපකාර දෙපාර්තමේන්තුවට අයත් භූමියකි.

මුලතිව් අධිකරණයෙන් ලබා ගන්නා ලද නියෝගයක් මත පොලිසිය බැකෝ යන්තරය ආධාරයෙන් එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කර ඇති අතර කැනීම් කටයුතු සදහා මුලතිව් පළාතේ යුද හමුදා නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුලු තවත් අංශ රැසක නිලධාරීන් සහභාගී වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක ජනගහන දිනය අදයි

Mohamed Dilsad

මහනුවරදී සහරාන් හෂීම්ගේ සමීපයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

සිංහල, දමිළ අලූත් අවුරුද්ද මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයක් – අග්‍රාමාත්‍යවරයා

Mohamed Dilsad

Leave a Comment