ප්‍රමුඛ පුවත 1

සිංහල, දමිළ අලූත් අවුරුද්ද මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයක් – අග්‍රාමාත්‍යවරයා

(UTV| කොළඹ) – සොබාදහමත් දිනෙන් දින අලූත් වෙමින් වසන්තශ්‍රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළඹෙන සිංහල, දමිළ අලූත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලූත් කරගැනීමටත්, ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභාශිංශන පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

උතුරු – දකුණු භේදයකින් තොරව ලාංකේය සමාජයේ සැම එක්ව සමරන අලූත් අවුරුද්ද අප ජීවිතවල මෙන්ම මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයකි. අවුරුදු සිරිත් විරිත් එහි නිසි අරුත් පහදවාගෙන මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කිරීමේ සහ ජීවිතයේ සැබෑ සතුට අත්විඳීමේ අභිලාෂයෙන් අනුගමනය කිරීම ඉතාම වැදගත් වන අතර ලක්වැසි ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය උදාවන සුබ අලූත් අවුරුද්දක් වේවායි හෘදයාංගමව සුභාශිංසන එක්කරමින් අග්‍රාමාත්‍ය වැඩිදුරටත් කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදෙස් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

ත්‍රීරෝද රථ සදහා මීටරයක් ලබන මස සිට අනිවාර්යයි

Mohamed Dilsad

ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කල සැකකරු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment