ප්‍රමුඛ පුවත 1

නදිමාල් නිදහස්..

(UTV| කොළඹ) – ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර දිවයිනට පැමිණි ගායන ශිල්පී නදීමාල් පෙරේරා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ප්‍රශ්න කිරීම් අවසන් කර නිදහස් කර තිබේ.

ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා සහ තවත් පුද්ගලයෙක් ඩුබායි රාජ්‍යෙයන් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඔවුන් අද(27) පෙරවරුවේ කටුනායක ගුවන්තොටපල වෙත පැමිණියේය.

ඒ  fly dubai ගුවන් සේවයට අයත් FZ 547 ගුවන් යානයෙනි.

පසුව පැය 7ක අධික කාලයක් රඳවා තබාගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කර ඇත.

අනතුරුව නදීමාල් පෙරේරා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ අනෙක් පුද්ගලයා කළුතර බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙක් වන අතර ඔහු අසනීප නිවාඩු ලබා කලක සිට සේවයට වාර්තා නොකළ පුද්ගලයෙක් බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව නව දිනයන්

Mohamed Dilsad

අපදා වලින් උතුරේ විපතට පත්වූ පවුල් සංඛ්‍යා18500 ඉක්මවයි

Mohamed Dilsad

CIDයෙන් පොලිසියට පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment