Trending News

ලෝක වකුගඩු දිනය සැමරුම හෙට

(උදයම්,කොළඹ) – සෑම වර්ෂයකම මාර්තු මස 09 දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් මෙවර “නිරෝගීමත් වකුගඩු සදහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්” යන තේමාව යටතේ සංවිධානය කරන ලෝක වකුගඩු දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  හෙට (13) පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි වන අතර මාතලේ විල්ගමුව නාමිණි ඔය මධ්‍ය මහා විද්‍යාලයේ දී මෙම උත්සවය පැවැත් වේ. ජනාධිපති කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම උත්සවය සංවිධානය කරයි.

හඳුනාගත් සහ හඳුනා නොගත් වකුගඩු රෝගීන් 24,900 ක් දිස්ත්‍රික්ක 11 ක ජීවත්වන බව සෞඛ්‍ය වාර්තා අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඔවුන් වෙනුවෙන් රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ ඒවා වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පොලොන්නරුව ප්‍රදේශයේ වකුගඩු රෝගීන් වෙනුවෙන් රෝහලක් ද ඉදි කෙරේ. වකුගඩු දිනය නිමිත්තෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජනතාව දැනුවත් කිරීම සහ මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව නිකුත් කළ වාර්තාවක් ද නිකුත් කර තිබේ.

Related posts

நல்லாட்சி இணக்க அரசாங்கத்திற்கு முழுமையான ஒத்துழைப்பு வழங்கப்படும் – மோடி

Mohamed Dilsad

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප තියයි.

Editor O

Snipers, smiles as Test cricket returns to Pakistan after 2009 attack

Mohamed Dilsad

Leave a Comment