ප්‍රමුඛ පුවත 1

ඔන්ලයින් ක්‍රමයෙන් රියැදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය පරික්ෂණයට වේලාව වෙන් කිරීමට අවස්ථාව.

(UTV| කොළඹ) – ඔන්ලයින් ක්‍රමය මගින් නිවසේ සිටම රියදුරු බලපත්‍ර සදහා අවශ්‍ය වෛද්‍ය පරික්ෂණ කරවා ගැනීමට වේලාවක් වෙන් කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කරන ලෙස ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ බලධාරින්ට , ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි.

අද (19) ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රගති සමාලෝචන රැස්විමේදි මෙ බව සඳහන් කළේය.

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පැමිණෙන අයදුම්කරුවන් හට දිගු කාල වේලාවක් පෝලිම් වල රැදි සිටිම මඟ හරවා ගැනිමට මෙම ඔන්ලයින් ක්‍රමය මගින් හැකිවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර තිබේ.

විදේශිය රටවල් ද මෙම ක්‍රමය දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන එකවර ඉහළට

Mohamed Dilsad

ගාල්ල මහනගර සභාවේ අයවැය සම්මත වෙයි

Mohamed Dilsad

මරණ දඬුවම් තීන්දුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment