ප්‍රමුඛ පුවත 1

අරුවක්කාලු කසළ අංගනය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට මුහුණදීමට වන බලපෑම් පිළිබඳ රජයේ අවධානය

(UTV| කොළඹ) – පුත්තලම අරුවක්කාලු කසළ අංගනය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට මුහුණදීමට වන බලපෑම් පිළිබඳව වූ සාකච්ඡාවක් ඊයේ(12) පාර්ලිමේන්තු කමිටු රැස්වීම් ශාලාවේදී කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ අමාත්‍ය රවුෆ් හකීම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

අරුවක්කාලු කසළ අංගනය නිසා පුත්තලම ප්‍රදේශයට වන බලපෑම පිළිබඳව ගරු අග්‍රාමත්‍යතුමා හමුවී සාකච්ඡා කළ යුතු යැයි කමිටු රැස්වීමේදී තීරණය කෙරෙණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, හෙක්ටර් අප්පුහාමි, නසීර් මන්සූර්, යන මහත්වරු පුත්තලම ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරීන්, මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාඨලීව අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් [VIDEO]

Mohamed Dilsad

මලික් හා හරීන් ඉල්ලා අස්වි යළි පත්වෙයි..

Mohamed Dilsad

හිමි නමක් පහරදී පොලිස් නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment