ප්‍රමුඛ පුවත 1

මිලියන 10 ඉක්මවන හෙරොයින් තොගයක් ගාල්ලෙන් සොයා ගනී

(UTV| කොළඹ) – ගාල්ලේදී සොයා ගැණුනු හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 10 කට අධික බවට ගණන් බලා තිබේ.

ඊයේ මෙම හෙරොයින් තොගය ගාල්ල – අම්බලන්ගොඩ මාර්ගයේ අකුරල, ගල්දුව ප්‍රදේශයේදී සොයා ගැනුණි.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 65 කි.

ලද තොරතුරක් මත කළ වැටලීමේදී සැකකරුවන් දෙදෙනෙකු සමග මෝටර් රථයක් පොලිසිය භාරයට ගැනුණි.

සැකකරුවන් 43 සහ 58 හැවිරිදි රත්ගම සහ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇත.

සැකකරුවන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට සිට දින 8 ක් නිවෙස්වල රැඳී රාජකාරී කරන ලෙසට රජය දැනුම් දෙයි

Mohamed Dilsad

කුමාර වෙල්ගම සහ චමල් රාජපක්ෂ නාම යෝජනා භාරනොදෙයි

Mohamed Dilsad

පක්ෂ නායක රැස්වීම අවසන් – සන්ධාන නායකයින් අදත් නැහැ..

Mohamed Dilsad

Leave a Comment