ප්‍රමුඛ පුවත 1

පේසාලේ මුහුදේදී බීඩි කොළ තොගයක් සොයා ගනී

(UTV|මන්නාරම) – මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1053ක් සොයාගෙන තිබේ.

තවද අතහැර දමා ගිය බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක් පසුගිය(07) වනදාද නාවික හමුදාව භාරයට ගැනුණි.

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ‍ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, එම ප්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවති.

මෙම බීඩී කොළ පාර්සල් 10 ක බහා තිබී ඇති අතර, ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ. එම බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.

මේ අතර, තොටළඟ බහාලූම් අංගනයේ නවතා තිබූ කන්ටේනරයක තිබී ඉන්දියාවෙන් ගෙන්වන ලද රුපියල් එක්කෝටි 77 ලක්ෂයකට අධික වටිනාකමින් යුත් බීඩිකොළ කිලෝ 4000ක් රේගුව ඊයේ සොයා ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාව තවත් වසර 05 කට LTTE තහනම දීර්ඝ කරයි…

Mohamed Dilsad

ජනපතිගෙන් සහ අගමැතිගෙන් වෙසක් සුභ පැතුම්

Mohamed Dilsad

කාන්තා ප්‍රඥප්තිය එලිදැක්වීම සජිත් ප්‍රේමදාසගේ සහභාගිත්වයෙන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment