ප්‍රමුඛ පුවත 1

ඉන්දියාව තවත් වසර 05 කට LTTE තහනම දීර්ඝ කරයි…

(UTV| කොළඹ) – ඉන්දියාව තවත් වසර 05 කට එල්.ටී.ටී.ඊ තහනම දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් 2014 වසරේදී නිකුත් කල නිවේදනය මේ අනුව තවත් වසර 05 කට මෙය බලපැවැත්වෙනු ඇත.

එල්.ටී.ටී.ඊ, තහනම දීර්ඝ කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ එම සංවිධානය තවදුරටත් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට සහ එරට පුරවැසියන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන බවයි.

2009 වසරේදී එල්.ටී.ටී.ඊ පරාජය කරනු ලැබුවද ඔවුන් ඊලාම් සංකල්පයෙන් බැහැර නොවීම සැලකිල්ලට ගෙන ඉන්දියාව මෙම පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු ආසියාවේ විද්යුත් මාර්ගෝපදේශනය

Mohamed Dilsad

විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි අට දහසක් [VIDEO]

Mohamed Dilsad

මහවැලි කේන්ද්‍රයේ නව අධ්‍යක්ෂවරයා ලෙස දයාශ්‍රිත තිසේරා මහතා පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment