ප්‍රමුඛ පුවත 1

විපක්ෂ නායක ධූරය පිළිබඳ අවසන් තීරණය අද

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (07) පැවැත්වීමට නියමිතය.

මෙම පක්ෂ නායක රැස්වීමෙන් පසු විපක්ෂ නායක ධූරය පිළිබඳ අවසන් තීරණය කතානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම රැස්වීම අද පස්වරු 03.00ට  ආරම්භ වීමට නියමිත බව වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි අපේ්ක්ෂිතයි.

එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය යන දේශපාලන පක්ෂ 05ක් යටතේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් තේරි පත්ව ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරි පත්වූවන් දැනට ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරයි.

මේ අතර විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් වන එක්සත් ජානතා නිදහස් සන්ධානයේ අවසන් තීරණය කතානායක කරු ජයසුරිය මහතා වෙන ඊයේ (06) දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති යළි දිවයිනට පැමිණෙයි.

Mohamed Dilsad

කඳුකරයේ ජලාශ රැසක ජල මට්ටම පහළට

Mohamed Dilsad

එජාපය ශක්තිමත් විපක්ෂයක් ලෙස ඉදිරියේදී කටයුතු කරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment