ප්‍රමුඛ පුවත 1

කඳුකරයේ ජලාශ රැසක ජල මට්ටම පහළට

(UTV| කොළඹ) – කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 30% දක්වා පහත බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ මධ්‍යම කදුකරය ඇතුළු ප්‍රදේශ රැසකට මාස කිහිපයක සිට පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙනි.

මේ වන විට කාසල්රී ජලාශයේ ජල මට්ටම අඩි 40 දක්වා පහල බැස තිබේ.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්මද අඩි 38 දක්වා පහල බැස  ඇති බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව එම ජලාශවලින් ලැබෙන ජලයෙන් ක්‍රියාත්මක වන කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලිය උත්පාදනය කරනු ලබන අතර එම උත්පාදන කටයුතුද පහළ බැස තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ඉවත් වූ සියලුම මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළි අමාත්‍යධූර ලබාගැනීමට සුදානම්

Mohamed Dilsad

බීඩිකොළ කිලෝ 950කට අන්න ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

Leave a Comment