ප්‍රමුඛ පුවත 1

ඇමැති අකිලට එරෙහි පැමිණිල්ල විමර්ශනය කිරීමට සුදානම්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව සිදු කර ඇති පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කිරීමට තීරණය කෙරේ.

මන්ත්‍රීවරයා මෙම පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමය මගින් සිසු දරුවන්ට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව රුපියල් මිලියන 2300 ක මුදලක් අපතේ යවා ඇති බවයි.

තවද  2018 වසරේ පෙළපොත් මිලියන 29 ක් මුද්‍රණය කර, එහි අමාත්‍යවරයාගේ ඡායාරූපයක් සහ පණිවුඩයක් ඇතුළත් කර එක් සිය ප්‍රතිරූපය නැංවීම පිණිස මහජන මුදල් සාවද්‍යව පරිහරණය කර ඇති බවටද විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම පැමිණිල්ලේදී සඳහන් කර තිබේ.

ඊට අමතරව පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමේදී වැඩිපුර රුපියල් මිලියන 538 ක මුදලක් අමතරව දැරීමට සිදුව ඇති බවටද පෙන්වා දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් ගාස්තු සංශෝධනය අද සිට

Mohamed Dilsad

ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ගෝඨා පළ කල අදහස්

Mohamed Dilsad

තේ නිෂ්පාදනය පහළට

Mohamed Dilsad

Leave a Comment