ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

තේ නිෂ්පාදනය පහළට

(UTV| කොළඹ) – මෙරට තේ නිෂ්පාදනය පසුගිය ජූලි මාසයේදී පෙර වසරට සාපේක්ෂව සියයට 7 යි දශම 3 කින් පහත වැටී තිබේ.

දිවයිනේ පැවති තේ වගාවට අහිතකර කාලගුණ තත්ත්වයන් එලෙස තේ නිෂ්පාදනය අඩාල වීමට හේතුව බව තැරැව්කාර සමාගම්වල අදහසයි.

ජූලි මාසයේදී ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 25 යි දශම 2 ක් අපනයනය කළ අතර, එය ද පසුගිය වසරේ ජුලි මාසයට සාපේක්ෂව සියයට 6 ක පහත වැටීමකි.

එමෙන්ම, මේ වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 162 යි දශම 7 ක් අපනයනය කළ අතර, එමගින් ලද ආදායම ඩොලර් මිලියන 854 ක් බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එළුවන් 61දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු වවුනියාවේ දී අත්අඩංගුවට

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතිරේක දොරටු විවෘතයි

Mohamed Dilsad

නව අමාත්‍යවරුන් 28ක් දිවුරුම් දීමට සුදානම්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment