ප්‍රමුඛ පුවත 1

කළුතර වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන වෑන්රථ 2ක්

(උයම්,කළුතර)  – කළුතර දී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා සැකකරුවන් පළා ගිය බවට සැක කෙරෙන ඩොල්ෆින් වර්ගයේ සුදු පැහැති වෑන් රථයක් සහ තවත්සො වෑන් රථයක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලීසිය ප්‍රකාශ කළේ හොරණ – මොරගහහේන නගරයේ තිබියදී එක් වෑන් රථය අද උදෑසනද අහංගම ප්‍රදේශයේ හිමිකරුවෙකු නොමැතිව දමා ගොස් තිබු තවත් වෑන් රථයක් සොයා ගත් බවය.

නමුත් මෙම වෑන් රථ දෙක  ඝාතන සිද්ධියෙන් පසු සැකකරුවන් පළා ගිය වෑන් රථය ද යන්න තහවුරු කරගෙන නොමැත.

ඒ සඳහා තවදුරටත් විමර්ශන සිදුකරයි.

මෙම සැකකරුවන් පැමිණි කැබ් රථය අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

මෙම කාන්තාව සිය කැබ් රථය කිසියම් පුද්ගලයෙකුට උකසට තබා මුදල් ලබාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

මේ අතර මෙම ඝාතනය සදහා පැමිණි පිරිස මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔවුන් පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක් බවට ද පොලීසිය හඳුනාගෙන තිබේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා සමයං ඇතුළු රැදවියන් රැගෙන ගිය බන්ධනාගාර බස් රථයට කළුතර බන්ධනාගාරය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ ඊයේ උදෑසන 8.30ට පමණයි.

මෙහිදී 7 කු මිය ගිය අතර තවත් 3 ක් තුවාල ලැබුහ.

Related posts

බදු රැසක් අහෝසි කිරීමට පියවර [VIDEO]

Mohamed Dilsad

සයිටම් එරෙහිව අන්තරෙන් විසි පන්ලක්ෂයක ජනතා පෙත්සමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර ද්විපාර්ශවික සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment