ප්‍රමුඛ පුවත 1

ප්‍රතිකාර මගින් උපත් ආබාධ වළක්වා ගත හැක – සෞඛ්‍ය අංශ පවසයි.

(UTV| කොළඹ) – නවීන විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමානය වන විට උපත් ආබාධ ඇති දරුවන්ට නිසි ප්‍රතිකාර නොමැති වීමත් සමඟ, මෙය වළක්වා ගැනීමට හා පාලනය කිරීමට නිසි ප්‍රතිකාර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු ඊයේ (05) ශ්‍රි ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ පැවැති ලෝක උපත් පාලන දිනයේ නිල උත්සවය අමතමින් මේ බව ප්‍රකාශ කළේය .

ශ්‍රි ලංකාවේ සෑම වසරකදීම උපත් ආබාධ සහිත දරුවන් 5800ක් මෙලොව එළිය දකින අතර ඉන් දරුවන් 650ක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර මෙලොව හැර යන අතර තවත් දරුණු උපත් අබාධවලින් 200 දෙනෙක් ජීවිත කාලය පුරා පීඩා විඳින බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා ද ප්‍රකාශ කරයි.

වර්තමානය වන විට ස්කෑන් පරීක්ෂණයක් යටතේ කළල ආබාධ හෝ විකෘතිතා සති 18-20ත් අතර කාලයේදී හදුනා ගැනීමට හැකියාව තිබෙන නිසා උපත් ආබාධවලින් තොර දරු උපතක් සිදු කිරීමට හැකි බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති අනුලා විජේසුන්දර මහත්මිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

UTV මාධ්‍යවේදී කණ්ඩායමට තර්ජනයක්

Mohamed Dilsad

සුළු අපනයන භෝග වගාව සඳහා ස්ථාවර මිලක්

Mohamed Dilsad

ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රහාරකයාගේ සොහොයුරා ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment