ප්‍රමුඛ පුවත 1

ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රහාරකයාගේ සොහොයුරා ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්ඩීන් අහමඩ් මුවාත් නමැති ත්‍රස්තවාදියාගේ සොහොයුරා ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) අධිකරණයට දැනුම් දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඔවුන් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත රදවාගෙන සිටින බව කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත කරුණු දක්වමින්ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇති අතර ඔවුන් නිරීක්ෂණය සඳහා ලබන 23 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන්ද අධිකරණය නියම කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

25 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වන මෙරට දුත පිරිස

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට

Mohamed Dilsad

අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි…

Mohamed Dilsad

Leave a Comment