ප්‍රමුඛ පුවත 1

සී.සී.ටී.වී සවිකළ වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කරයි

(උදයම්,අනුරාධපුරය)  – අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වැසිකිලියක සී.සී.ටී.වී කැමරාවක් සවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වා ඇති විමර්ශනවල වාර්තා නීතිපති වෙත යොමු කරන ලෙස අධිකරණය නියෝග කරයි.
අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට මෙම නියෝග නිකුත් කර තිබේ.
සැකකාර වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිපති උපදෙස් සඳහා අදාළ වාර්තා නීතිපති වෙත යොමු කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයට නියෝග කර ඇත.
එමෙන්ම සිද්ධියට අදාළව චෝදනා එල්ල වී සිටින සැකකාර වෛද්‍යවරයාට මේ මස 21 වනදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාවරයා මහිදී නියෝග කර තිබේ.
රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සැකකරුගෙන් අදාළ වරද තමන් කළ බවට බලහත්කාරයෙන් ලිපියක් ලබාගෙන ඇති බව නීතිඥවරයා අධිකරණයට පවසා ඇත.

Related posts

‘ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් අපි නිර්මාණය කරනවා’ අගමැති කියයි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි – සුවය ලැබූ ගණන 98 දක්වා ඉහළට

Mohamed Dilsad

කාබන් බද්ද සංශෝධනයට

Mohamed Dilsad

Leave a Comment