ප්‍රමුඛ පුවත 1

විශාලම හෙරොයින් තොගයට සම්බන්ධ සැකරුවන් රිමාන්ඩ්

(UTV| කොළඹ) – රුපියල් මිලියන 2945කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ ලබන 15 වනදා දක්වාය.

ඔවුන් අද(01) කොටුව, වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතීඥ දීමනී බැද්දේවෙල හමුවට ඉදිරිපත් කළ අතර එහිදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීමකදී කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලේ වෑන් රථ දෙකක තිබියදී මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම හෙරොයින් තොගය සොයාගනු ලැබුවා.

මේ අතර පසුගියදා කොල්ලුපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදේශිකයින් තුන්දෙනා ඇතුලූ සැකකරුවන් පස්දෙනා ද මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ ඔවුන් කොළඹ කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතීඥ දීමනි බැද්දේවෙල හමුවට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර නව අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තැබේ

Mohamed Dilsad

කොතලහිඹුටු දැව සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

උසස් අධ්‍යාපන, නිපුණතා වැයශීර්ෂ අද විවාදයට

Mohamed Dilsad

Leave a Comment