ප්‍රමුඛ පුවත 1

කුවේට්හි සේවයට ගොස් හිංසනයට ලක්වූ මෙරට ගෘහ සේවිකාවන් පිරිසක් යළි දිවයිනට

(UTV| කොළඹ) – කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ හිංසනවලට ලක්වු ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව  ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52ක් අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.

කුවේට් සිට පැමිණි ගුවන් යානයකින් ඔවුන් දිවයිනට පැමිණ ඇත.

එම පිරිස අතරින් 6 දෙනෙකු වසර දෙකක සේවා කාලය පසුකර තිබුන ද ඉතිරි සියලුදෙනා වසරකටත් අඩු කාලයක් කුවේට් රාජ්‍යයේ සේවයේ නිරතවූ ය බව වාර්තාවේ.

එසේම මෙම කාන්තාවන් අතරින් 8 දෙනෙකු හැර ඉතිරි 44 දෙනාම කුවේට් රාජ්‍යයෙන් නිකුත් කළ තාවකාලික ගුවන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් දිවයිනට එවා තිබේ.

ඔවුන් සියලුදෙනා උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර තම සේවාදායකයන් විසින් වැටුප් නොගෙවීම, පහරදීම, විවිධ හිරිහැරවලට සහ හිංසනවලට ලක්වීම හේතුවෙන් නිවාසවලින් පළාවිත් කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි පිරිසක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තරුණ පරපුර උදෙසා නව වැඩසටහන් පෙළක් – සජිත් [VIDEO]

Mohamed Dilsad

නව අගමැතිධුරයේ දිවුරුම් දීම අද

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment