ක්‍රීඩා

තරඟ තහනම ගැන ජයසුරියගෙන් විශේෂ ප්‍රකාශයක්.

(UTV| කොළඹ) – තමන්ට තරග පාවාදීම් චෝදනා, ඔට්ටු තැබීමේ චෝදනා හෝ අභ්‍යන්තර තොරතරු අවභාවිත කළ බවට චෝදනාවක් නොමැති බව, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය තමන්ට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලබාදුන් වසර දෙකක ක්‍රිකට් තහනම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අයි.සී.සී දූෂණ විරෝධී ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ පිළිබඳව පැවැත්වූ විමර්ශනවලට අදාළව තම ජංගම දුරකතනය හා සිම්පත ඉල්ලා සිටියත් එය ලබාදීමට ප්‍රමාද වීම හේතුවෙන් තමන්ට මෙම තහනම පනවා ඇති බවත් හෙතෙම සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් තමන් අදාළ තොරතුරු සියල්ලම ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට ලබාදුන් බවත් හෙතෙම කියයි.

මේ පිළිබඳව තමන්ට විකල්ප දෙකක් පැවැති බවත් පළමු විකල්පය විභාගයක් කිරීමත් දෙවැනි විකල්පය චෝදනා පිළිගැනීම බවත් ඔහු පෙන්වා දෙන අතරම ,විභාගයක් වෙනුවෙන් වැයවන කාලය, මුදල් ඇතුළු අනෙකුත් සියලු කරුණු හේතුවෙන් චෝදනා සඳහා වරද පිළිගැනීමට කටයුතු කළ බව ජයසූරිය සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

තම ක්‍රිකට් ක්‍රීඩා කළ ජීවිතය තුළ අවංකව කටයුතු කළ බවත් තම රට අංක එකට තබාගත් බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන ප්‍රේක්ෂකයන් හොඳින් දන්වා බවත් ජයසූරිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඩුලු 2කින් ජය ලංකාවට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා හිටපු නායක ටිම් පේන් ක්‍රිකට් සියලුම අංශවලින් සමුගනී

Mohamed Dilsad

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියත් කල් යයි

Mohamed Dilsad

Leave a Comment