ක්‍රීඩා

ඕස්ට්‍රේලියා හිටපු නායක ටිම් පේන් ක්‍රිකට් සියලුම අංශවලින් සමුගනී

(UTV |  ඕස්ට්‍රේලියා) – ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම අංශවලින් සමුගැනීමට ඔස්ටේ්‍රලියා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් තීරණය කර තිබෙනවා.

ඔහු නියෝජනය කරන ටස්මේනියා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ දේශීය මෙන්ම ජාත්‍යන්තර තරග සඳහා ද එය අදාළ වන බවයි.

අලු බඳුන ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට සති 02 කට පෙර මෙම සමුගැනීම සිදුවීම විශේෂත්වයක්.

ක්‍රිකට් සේවිකාවකට අසභ්‍ය කෙටි පණිවිඩයක් යැවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වරද පිළිගත් ටිම් පේන් පසුගියදා නායකත්වයෙන්ද ඉල්ලා අස්වුණා.

මේ අතර ඕස්ට්‍රේලියා නව ටෙස්ට් ක්‍රිකටේ නායකයා අද දිනය තුළදී නම් කිරීමටද නියමිතයි.

Related posts

ශ්‍රී ලංකා – කොදෙව් පලමු ටෙස්ට් තරගය අ​ද

Mohamed Dilsad

දිල්හාර දූෂණ චෝදනා 3 කට වරදකරු වෙයි

Mohamed Dilsad

අන්තර්ජාතික වයස අවුරුදු 15න් පහළ සිවුකොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment