ප්‍රමුඛ පුවත 1

ගුවන් හමුදා නිළධාරීන් 05 ක් නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ අත්අඩංගුවේ

(UTV| කොළඹ) – රුපියල් ලක්ෂ 04 ක් වටිනා නීති විරෝධී දුම්වැටි තොගයක් සමග ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරියෙකුද ඇතුළුව ගුවන් හමුදා නිළධාරීන් 05 දෙනෙකු මරදාන ටෙක්නිකල් හන්දියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිරිසෙන් එක් අයෙකු මෙම දුම්වැටි තොගය හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුර වෙත ගෙන යාමට සූදානම්ව සිට ඇත.

අදාල ගුවන් භමුදා නිළධාරින් වරදකරුවන් යැයි තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවත් , මීට අදාළ පොලිස් පරීක්ෂණ සදහා ගුවන් හමුදාවේ පාර්ශවයෙන් උපරිම සහය ලබාදෙන බවත් ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සඳහන් කළේය.

සැකකරුවන් 05 දෙනා අද (26) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සීනිගම මහා දේවාල භූමි කොටසක් විනාශ වේ

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යාංශ 35 ක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ [GAZETTE]

Mohamed Dilsad

ස්විට්ස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment