ප්‍රමුඛ පුවත 1

හංවැල්ලේ අනතුරකින් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු මරුට

(UTV| කොළඹ) – හංවැල්ල,ඌරාපොල මාර්ගයේ තිත්තපත්තර ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් සහ ඔහුගේ නැන්දනිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(25) රාත්‍රීයේ යුද හමුදා ට්‍රක් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුරු සිදුව ඇත.

හංවැල්ල සිට පනාගොඩ යුද හමුදා කඳවුර දෙසට ධාවනය කරමින් තිබූ ට්‍රක් රථය, වෑන් රථයක් පසුකර යාමේදී ඌරාපොල දෙස සිට හංවැල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියේ ගැටී තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව  අප වාර්තාකරු පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් ලුණුගම, මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචි යුද හමුදා බුද්ධි  නිලධාරියෙකි.

ඔහු  චතුරංග බාලසුරිය නැමති 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකු වන අතර යතුරුපැදියේ පිටිපස ගමන් ගෙන ඇත්තේ 49 හැවිරිදි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් යුද හමුදා ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් වැඩ වර්ජනයක

Mohamed Dilsad

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ ඉදිකිරීම් අත්හිටුවයි

Mohamed Dilsad

ජනපති ජපානයට ළඟා වෙයි

Mohamed Dilsad

Leave a Comment