ප්‍රමුඛ පුවත 1

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ ඉදිකිරීම් අත්හිටුවයි

මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ සියලු ම ඉදිකිරීම් අත්හිටුවන ලෙස මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

මුලතිව් ම‍හේස්ත්‍රාත් එස් ලෙනින්කුමාර් විසින් මෙම නියෝගය කරනු ලැබුවේ, නයාරු ගුරුකන්ද පුරාණ රජ මහා විහාරයේ හින්දු කෝවිලක් ඉදි කිරීමට ගත් බව පැවසෙන උත්සහයත් සමග පොලිසිය විසින් ගොනු කරන ලද නඩුව ඊයේ (24) පළමු වරට විභාගයට ගැනුණි .

එහිදී මේ විහාරස්ථාන ඉඳිකිරීම් කටයුතු පෙබරවාරි 12 වන දා දක්වා අත්හිටුවන තිබේ .

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පැමිණ ජනවාරි 14 වන දා නයාරු ගුරුකන්ද පුරාණ රජ මහා විහාර භූමියේ කෝවිලක් ඉදිකිරීමේ උත්සහයක නිරත වූ බව චෝදනා එල්ල විය.

විහාරය පිහිටි ස්ථානයේ හින්දු ජනතාවගේ වන්දනාමානයට ලක් වූ පාරම්පරික කෝවිලක් පිහිටි බව මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය.

පුරාවිද්‍යා දෙපාර්ත‍මේන්තුව විසින් විහාරස්ථානය සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදන ඇතුළත් වාර්තාවක් එළැඹෙන නඩු වාර දිනයේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත .

Related posts

තරුණයෙක් 18 වන මහලෙන් වැටී මියයයි.

Mohamed Dilsad

පස්වරුවෙත් තද සුළං සමඟ වැසි

Mohamed Dilsad

රූමි මොහොමඩ් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment