ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධීව මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – නීති විරෝධිව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ජාතිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු මුහුදේදී ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රා තුනක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ පොලීසියට භාරදීමට නියමිත වේ.

මේ අනුව මෙරට මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් වසරේ ගත වූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව 31 කි.

ඔවුන් සමග යාත්‍රා 5 ක් ද සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

06 වනදා පාසල් ආරම්භය 6 වසරින් ඉහළ දරුවන්ට පමණයි

Mohamed Dilsad

අද මධ්‍යම, උතුර සහ ඌව පළාතේ දමිළ පාසල් වැසේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අද

Mohamed Dilsad

Leave a Comment