ප්‍රමුඛ පුවත 1

මරණ දඬුවම දෙන්න සිටින ලැයිස්තුව

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව මරණ දඬුවම ලැබ බන්ධනාගාරගතව සිටියදී තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයන් 14 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට හැකි බව අනාවරණය වෙයි.

මෙම නීතිපති නිර්දේශය මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දී ඇති බව වාර්තාවේ.

මරණදඬුවම ලබාදිය හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ජනාධිපති සිරිසේන මහතා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයෙන් සිදුකළ ඉල්ලීමක් කල අතර ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් එම තොරතුරු අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය වෙත භාරදී තිබුණි.

පසුව එම තොරතුරු  නීතිපතිවරයාට යොමුකර ඇත.

මරණදඬුවම ලබාදිය හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිපති නිර්දේශය අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.

එම නිර්දේශ අධිකරණ හා බන්ධනාගාර  ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් ජනවාරි මාසයේදී ජනාධිපති සිරිසේන මහතාවෙත භාරදී ඇතැයි වාර්තාවේ.

මරණ දඬුවම ලබාදිය හැකි පුද්ගලයන් 14 දෙනා අතර පාකිස්තානු ජාතිකයන් 04 දෙනෙකු සහ ශ්‍රීලාංකික කාන්තාවක් සිටින බවද සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 අයවැය පාර්ලිමේන්තු විවාදය නොවැම්බර් 08 ඇරඹේ..

Mohamed Dilsad

බැදුම්කර වංචාවට ජෙෆ්රි ඇලෝසියස්ද අත්අඩංගුවට

Mohamed Dilsad

ඩොලරය යළි පහල බසී

Mohamed Dilsad

Leave a Comment