Trending News

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

(උදයම,කොළඹ) – ජාත්‍යන්තර කාන්තා දිනය (08)  අදයි.

මෙරට ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද මාතර දිස්ත්‍රික්කයේ සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

“තුන්කල් දකින්නී- සවියෙන් දිනන්නී” යන්න මෙවර තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අතර ජාතික උත්සවය සඳහා කාන්තාවන් 1500ක් ඇතුළු 2000ක් පමණ පිරිසක් සහභාගි වීමට නියමිතය.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පසුගිය 01 වැනි දා සිට වැඩසටහන් රැසක් ආරම්භ කර තිබේ. ජාතික කාන්තා දිනය වෙනුවෙන් 01 වැනිදා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම කාන්තා හඩ අවදි කිරීම වෙනුවෙන් පා ගමන් පැවති අතර ප්‍රධාන පා ගමන කොළඹ නෙළුම් පොකුණ රඟහල භූමියේ සිට විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විණි.

මාතර පොලිස් ළමා හා කාන්තා ඒකකය පිහිටුවීම, කාන්තා හිතකාමී ගම්මානයක් පිහිටුවීම, මාතර උත්සව භූමියේ ඊයේ (7) ආරම්භ වූ  දෙදින කාන්තා නිෂ්පාදන හා අළෙවි පොළ අද දින ද පැවැත්වේ.

සුවනාරී සෞඛ්‍ය වැඩසටහන, හෙළ බොජුන් හලක් ඉදිකිරීමට කටයුතු කිරීම යනාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක ක්‍රියාත්මක කෙරේ.

Related posts

MJ’s daughter Paris Jackson ‘on the mend’

Mohamed Dilsad

ராட்சசன் ட்ரைலர் அதே த்ரில்லர் இசையுடன்…

Mohamed Dilsad

මේසෙට තට්ටු කරලා තමන්ට හිතු ගානකින් හාල් මෝල් හිමියන් එකඟ ගානකින් හාල් මිල වැඩි කරන්න නම් ඒ ජනාධිපති ධූරයේ තත්ත්වය මොකක්ද? – පාඨලී චම්පික රණවක

Editor O

Leave a Comment