ප්‍රමුඛ පුවත 1

මධුෂ් සමඟ සිටි පුද්ගලයින් 31 දෙනෙකු අද අධිකරණයට

(UTV| කොළඹ) – ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සිටි පුද්ගලයින් 31 දෙනෙකු කොකේන් භාවිත කිරීමේ චෝදනාවට අදාළව අද(10)  දින එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී කොකේන් නැමැති මත්ද්‍රව්‍ය ශරීරගතව ඇති බව තහවුරු වීමෙන් පසුවයි.

එම සාදයේ සිටියදී පුද්ගලයින් 25 දෙනෙකු කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය පානය කිරීමේ චෝදනාව මත පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර අත්අඩංගුවට පත් වූ ඔවුන්ගේ ඡායාරූප ද අද සමාජ මාධ්‍යවල දක්නට ලැබුණේය.

මේ අතර ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයින්ගේ මෙරට නිවෙස් කිහිපයක්ම පොලිස් සෝදිසි කිරීම්වලට ලක් කර තිබේ.

මෙරට පාතාලයේ ප්‍රබලයා ලෙස හැඳින්වෙන මාකඳුරේ මධුෂ් ඇතුළු තවත් නමගිය අපරාධ කල්ලි සාමාජිකයින් සහ කලා කේෂ්ත්‍රයට සම්බන්ධ පිරිසක් ඇතුළු 125 දෙනෙකු පමණ පසුගිය 04 වනදා ඩුබායිහි ප්‍රෙමයිරා මරීනා ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයකදී සාදයක් පවත්වා තිබුණි.

එම සාදයේ බව පැවසෙන විඩීයෝ දර්ශනයක් සහ ඡායාරූප කිහිපයක් ඊයේ (09) සමාජ මාධ්‍යවල දක්නට ලැබුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෙබ් අඩවි සහ සමාජජාල වාරණය නොකරන බවට ඇමති මංගලගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

විදේශීය බලවේග ගෙනයනු ලැබූ වැඩපිළිවෙල පරාජයට [VIDEO]

Mohamed Dilsad

උසස් පෙළ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ උත්සහක

Mohamed Dilsad

Leave a Comment