ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්..

(UTV| කොළඹ) – කොළඹ 01, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ලබන සෙනසුරාදා (09) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්අහිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ලබන සෙනසුරාදා රාත්‍රි 09.00 සිට ඉරිදා පස්වරු 03.00 දක්වා පැය 18ක කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මේ අතර පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයීම සිදු කෙරෙන බව එම මණ්ඩලය සඳහන් කරයි.

මහ කොළඹ ජල හා අපජල වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලබන 24 වැනිදාට කල්යයි

Mohamed Dilsad

ජාතික තව්හීඩ් ජමාඩ් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි සංවිධාන රට තුළ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment