ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලබන 24 වැනිදාට කල්යයි

(UTV| කොළඹ) – අද (12) දිනයේදී රැස්වීමට නියමිතව තිබූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව එළැඹෙන 24 වැනිදා පෙරවරු 10.30 දක්වා කල් තැබීමට තීරණය කර තිබේ.

එහිදී රාජ්‍ය බුද්ධි ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සාක්ෂි ලබාදීම සඳහා කැඳවා ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ එදිනට සාක්ෂි ලබාදීමට නියමිතයව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෙසෙල්වත්තේ වෙඩි තැබීමට ‘රයිනා’ STF අත්අඩංගුවට…

Mohamed Dilsad

ඉරාන තානාපති නිල නිවසේ ගින්නක්

Mohamed Dilsad

දේශීය වැවිලි කරුවා ආරක්ෂා කිරීමට පියවර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment