ප්‍රමුඛ පුවත 1

පාතාල නායක මධුෂ් ඇතුළු පිරිසගේ රුධිර සාම්පල පරීක්ෂාවක්.

(UTV| කොළඹ) – ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ රුධිර සාම්පල ඩුබායි ආරක්ෂක අංශ විසින් ලබා ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඩුබායි ආරක්ෂක අංශ විසින් සැකකරුවන් රඳවා තබා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව, පොලිසිය  සඳහන් කළේ ය.

මේ අතර ඕනෑම අවස්ථාවක සැකකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය උපදෙස් ලබාදීමට සූදානම් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඩුබායිහී කලීජ් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබෙන්නේ සැකකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා දෙරට බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුපිරි නිළි ශ්‍රී දේවි අද අවසන් ගමන් යාමට සුදානම්

Mohamed Dilsad

වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම වහාම නවතා දැමීමට ජනපතිගෙන් අදාළ ආයතනවලට උපදෙස්

Mohamed Dilsad

රූකාන්ත ඇතුළු කිහිපදෙනෙක් එජාප ආසන සංවිධායකවරු ලෙස පත්විම් ලබති..

Mohamed Dilsad

Leave a Comment