ප්‍රමුඛ පුවත 1

සුපිරි නිළි ශ්‍රී දේවි අද අවසන් ගමන් යාමට සුදානම්

(UTV|ඉන්දියාව) -ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවිගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (28) මුම්බායි හිදී සිදුකිරීමට නියමිතය.

ඊයේ (27) රාත්‍රියේ ශ්‍රීදේවිගේ දේහය මුම්බායි හි පිහිටි ඇගේ නිවසට රැගෙන විත් තිබේ.

එම අවස්තාව වන විටත් නිවස ඉදිරිපිට විශාල ජනතාවක් රැස්ව සිටි බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

අද දහවල් පැය 03ක කාලසීමාවක් දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා අවස්ථාව ලබාදී ඇත.

ශ්‍රීදේවි පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ ඇගේ සැමියා වන බොනී කපූර් මුම්බායි සිට ඇයව පුදුමයට පත් කිරීමේ අරමුණෙන් පැමිණ පැය කිහිපයක් ඇතුළතයි.

නාන කාමරය තුළ දියේ ගිලී සිහි විසංඥව සිටි ඇය රෝහල් ගත කරන විට ද මිය ගොස් සිටි බව වාර්තාවේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියල් තුන්කෝටි දස ලක්ෂයක භාණ්ඩ විනාශ කෙරේ

Mohamed Dilsad

වල්ලපට්ටා තොගයක් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

ජනමාධ්‍ය ඉදිරියේ බුද්ධි නිලධාරීන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් ජනපතිගේ විවේචනයට

Mohamed Dilsad

Leave a Comment